සෑහෙන
දවසක ඉදලා මේක ලියන්න හිටියත්
තිබුනු වැඩ නිසා ඒක අතපසු උනා.
මේක මගේ
සිතුවිලි,
අත්දැකීම්
හා කලකිරීම යන දේවල් එකතු උන
ලිපියක්.
මම
උසස් පෙළ හදාරන කාලෙ හිතුණ
දෙයක් තමයි ආණ්ඩුවේ රස්සාවක්
නම් ඕන නෑ කියන එක.
මොකද සුදුසුකම්
තිබුණාට දේශපාලන බලවතෙක්
අනුමත කරන්නෙ නැතිව රස්සාවකට
යාමට අපහසුවීම,
එහෙම ගියත්
සැරෙන් සැරේ ඡන්ද වැඩට යන්නයි,
මීටින්
යන්නයි,
පලිගැනීම්වලට
අහුවෙන්නයි වාගේ කොච්චර
පරිප්පු කන්න ඕනද...
?
කොහොමින්
හරි මට රජයේ රස්සාවකට යන්න
උනේ නම් නෑ.
2008 අවුරුද්දේ
මුලදී ගියා එක්තරා පුද්ගලික
ආයතනයකට,
මුල්ම රස්සාව
ඉගැන්වීම සම්බන්ද එකක්.
ගිහින් මාස
6 ක්
වගේ වැඩ කලා,
නරකම නෑ තැන
නම්. හැබැයි
එතනදිත් දැක්ක දෙයක් තමයි
එකෙකුට එකෙක් නැති බව හා
සුදුසුකම් නැති අයත් උඩ තැන්වලට
ගිහින් ඉන්නවා කියන එක.
ඒකෙන් පලවෙනි
දේ ටිකක් වෙනස් කරන්න නම්
පුලුවන් උනා මට.
ඒ කිව්වේ අර එකට ඉන්න උන්ගේ කුලල් කා ගැනීම
අඩුකිරීම.
නුසුදුස්සන්
ඉහළ යන එක නවත්තන්න නම් එදා
වගේම අදටත් බෑ මට.
ඒ අය ඉහළට
ගියේ කොහොමද කියලා හොයලා බලන්න නම් අමතක කලේ නෑ මම.
ඒවත් මාර ක්‍රම තමයි,
සී.යී.ඕ.
නැති දවසට
චෙයාර්මන් ලවා ඉන්ටවීව් පවත්වා
ගෙන ඉදිරියට යාම,
ඇඳුමෙන්,
ක්‍රියාවෙන්
හා කතාවෙන් ලොක්කන් පිනවීම,
ඕපාදූප සෙවීම
හා ඒවා ලොක්කන් වෙත සම්ප්‍රේෂණය
කිරීම වගේම තව අප්‍රසිද්දව
වන මුදල් නොවන අල්ලස් ලබාදීම
ඒ අතරින් ප්‍රධාන වෙනවා.
ඊට
පස්සේ මම යන්නේ තවත් පුද්ගලික
ආයතනයකට,
මේක මෘදුකාංග
කොම්පැනියක්.
ටික දවසක්
ඉන්න කොට තමයි තේරුනේ වැඩි
වෙනසක් නෑ කියන වග.
ඒ කියන්නේ
අර ගොට්ට අල්ලන ඒවා උපරිමයි
කියන එක. මොකද
වැඩි බැරි එවුන්ට ලොකු තැනක්
තියනවා, ෂෝක්
නේ...... ඒත්
අපේ සෙට් එකක් හිටියා ගොටු
අල්ලන්න නොයන,
ඔක්කොම එක
වගේ වැඩ නම් වැඩ,
පිස්සු නම්
පිස්සු,
කෙලින් වැඩ,
අපි සෙට් එක
කන්නෙත් එකට තමයි.
අපේ සෙට්
එකට නම් හැම එකාම අපි එකතු
කරගත්තේ නෑ,
විශේෂයෙන්
දෙපැත්ත කන උන්ව හැලුවා.
මම කිව්වනෙ
ගොට්ටො හිටියා කියලා උන්ගේ
වැඩ නැතත්,
පඩි නම්
වැඩියි අනිත් උන්ට වඩා.
එකෙක් හිටියා
ඒ අතර සියල්ලම බැරි නිසා ඒ
කියන්නෙ ඔක්කොම වැඩ අවුල්
නිසා උඩටම ගිය.
මේ හැමෝම
වගෙ ඇල්ලුවේ පොඩ් ලොක්කෙකුට.
ඒත්
මට පොඩි අවුලක් තිබ්බා මොකදඋන් මැනේජර් අතහැරලා පොඩි
ලොක්කෙක්ට තමයි වැඩිපුර
අල්ලන්නේ.
සෑහෙන කාලයක්
ගියාට පස්සෙයි මට තෙරුනේ සීන්
එක. මොකද
අර මැනේජර් නමට ලොකු උනාට ඌට
මොකවත් කරන්න බෑලු.
අපේ පඩි
වැඩිවීම් ගැන පවා මේ මැනෙජර්
කතාකලාට,
වාර්තා කලාට අර පොඩි එකා තමයි අපේ ලොකු ලොක්කට අයිඩියාස් දෙන්නේ.
ඒ කියන්නේ
ඕපාදූප හා හොදම ගොට්ටන් ගැන
ලකුනු දාන්නේ.
වැඩ පුලුවන්
උන් හිටියොත් ඌටත් කෙලවෙයි
කියලා හිතෙන්න ඇති ඔය තරමට ලෙඩ දැම්මේ.
කෑම කන එක කියද්දී තමයි මතක් උනේ මේ පොඩි
ලොක්කා සැරයක් අපි එහෙම කන
එකත් නවත්වන්න හැදුවානේ.....
පේනවනේ උගේ
බලුකම.
අපි
ඉතින් ගොට්ට අල්ලන් නැති නිසාම
නොයෙක් ලෙඩ දැම්මා,
අපිට කාලෙන්
කාලෙට. අන්තිමට
අපි සෙට් එකම අලුත් තැන් හොයන්න ගත්තා.
එක්කෙනෙකුට
දෙන්නෙකුට ඇරෙන්න ඔක්කොටම
යන තැන් සෙට් උනා.
මේ ලිපිය
අවසන් කරන අද දවස ඒ කොම්පැනියේ
මා සේවය කරන අන්තිම දවසයි.
වසර හතරක
සේවා කාලයක් නිමා කරන දවස
උදාවෙලා. යන
තැන නම් එච්චර නරක ලොක්කෝ නැති
වෙයි කියලා තමයි,
මට හිතෙන්නේ.
ගිහින්ම
බලමු ඒ ගැන.
ප.ලි.
ලොක්කන් කෙසේ වෙතත් මෙහෙදී සෙට් උන යාලුවෝ ටික නම් දාලා යන එක නම් හිතට දුකයි.
ඒත් අපේ
හමුවීම් මෙතනින් නිමා නොවන
නිසා පොඩ්ඩක් ෂේප්.
අපෝ හැම තැනම එහෙමයි බං..
ReplyDeleteඅපි අපෙ වැඩක් හරියට කරන් ඉන්න එක තමා හොද
ජය !
ඒක ලංකාවට ම පොදුයි වගේනේ .... ආවට ස්තුතියි.
Deleteකොතනත් එක වගේ තමයි යාළුවා.. ඒවා නම් ඉතින් වෙනස් කරන්න අමාරුයි...
ReplyDeleteඉතාලියෙත් මේ වගේද හැබෑවටම ....... මම හිතුවේ අපේ විතරයි කියලා
Deleteමං හිතුවෙ රාජ්‍ය සේවයෙ විතරයි කේළම් කුලල්කාගැනිලි තියෙන්නෙ කියල. දැං බැලුවම රාජ්‍ය සේවය හොඳයි වගේ.
ReplyDeleteඒකනේ කියන්නේ ....... රාජ්‍ය සේවය හොඳයිද මීට වඩා... :)
Deleteඅන්තිමට කලකිරීම තමයි ඉතිරිවෙන්නේ. සෑම් කියන්නා වගේ අපි අපේ වැඩක් කරගෙන ඉන්නඑක තමා ඇඟට ගුණ
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා ඔබව ...... අපි අපි වගේ මම කියවලාම නෑනේ ..... හෙමිහිට බලන්නම්
Deleteකොහෙත් එකයි බං .. උඹ දන්නවානේ මම කියන දේ ගැන ඔයි කාටත් වැඩියෙ හොඳට . මොනා වුණත් උඹ දැන් ඉන්න තැන ගෝරි බෝරි දාගන්න එපා ! හීන් නූලෙන් ගේම දියන් ... මම වැඩකරන තැන මට දෙන ගින්දර ගැන මම උඹට කියලා ඇති නේ !
ReplyDeleteඒක නම් ඇත්ත, උඹ කන තරම් කට්ටක් අපිට නෑ බං ....
DeleteThis comment has been removed by the author.
ReplyDelete