Tuesday, April 24, 2012

සිංහල බ්ලොග්කරුවකුගේ ගමන හා ඕපාදූප

සැහෙන දවසකින් ලියන්න උණේ නෑ .... නිවාඩුව නිවාඩුවේ හිටපු නිසාඒත් සඳරු ඇවිත් ලියන්න දෙයක් නැද්ද කියල අහලා තිබුණ හින්දයිඅර ජනාධිපති ලේකම් හම්බවෙන්න ගියා කියන පොස්ට් එක වගේම ඒකේ ප්‍රතිචාර දැක්කම මට හිතුණාලියන්න හිතන් හිටිය එක පැත්තක දාලා  ගැනම ටිකක් ලියන්නඒක කඩේ යාමක් ලෙස දකින කෙනෙක් හිටියොත් දැම්මම කියන්නේ .. එහෙම නොවන වගයි.

සඳරු ගැන නොකියම කතාව පටන්ගත්තොත් අඩුවක් වෙන හින්දා කෙටියෙන් කියලම ඉමුකොමීට 
අවුරුදු තුනකට විතර කලින් ඩයල් එකක් අම්පාරේ අයිටීපන්තියකට ගිහින් පස්සේ  ඒකේම ඉගැන්වීම පටන්ගන්නවාඊට ටික කාලෙකට පස්සේ තමන්ගේ අත්දැකීම්අදහස්ගමේ කතා ආදිය ලියනවා හිස් අහස කියලා බ්ලොග් එකකකතා ලියන විදිහත් ඒවායේ රසයත් නිසාම හිස්අහස සෑහෙනට ජනප්‍රිය වෙනවාහිස් අහස හිස් උනු හැටි කියන පොස්ට් එක තමයි ඒකෙ තියන හැගීම්බරම පොස්ට් එකබලපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහින්ම බලන්න ඇයි  කියලා.මේ අතරේ ලක්බිම පත්තරෙත් ඔහුගේ ලිපි උපුටලා දැම්මාපස්සේ චානුක මහත්තයා ලියපු ආටිකල් එකක් නිසා නොදන්න ගොඩ දෙනෙක් සඳරු ගැන දැනගත්තා වගේම පත්තරේට ලියන්න චෑන්ස් එකකුත් ලැබුණාඇයි එතකොට අර හොඳම බ්ලොග් අඩවිය 2011 සම්මානේ ඇතුළු සම්මාන දෙකක්ම ලැබුණේ.

මේ ළඟදි චානුක මහත්තයා හරහා ජනාධිපති ලේකම්තුමා හම්බවෙන්න ලැබුණු ආරාධනය නේ අලුත්ම දේ හමුවේ කතා උණ දේවල් වලින් පේපෑල් ප්‍රශ්නය වගේම තොරතුරු තාක්ෂණ දැනුම ව්‍යාප්ත කිරීම වගේ දේවල් නම් වටිනවා මොකක් හරි වැදගත් යමක්කළොත් වගේම සඳරුලාගේ පැත්තේ තොරතුරු තාක්ෂණ නැඹුරුව වැඩි උණොත් හොදයි හමුව ගැන  දාපු පොස්ට් එකෙන් පස්සේ විවිධ අදහස් පල උණානේසමහර ඒවා නම් ඉතින් සතුට පළකරන්නසමහර ඒවායේ හමුවේ අඩුපාඩු මෙන්ම වෙනත් චෝදනාද තිබුණා.

සිංහල බ්ලොග්කරුවෙකුට එහෙම යන්න ලැබුණ එක අනිත් අයටත් එක්ක හොඳ ප්‍රවේශයක් හැටියටයි මම දකින්නේසමහරු නම් ලලිත් වීරතුංග මහතාට කඩේ යාමක් විදිහට දැකලා තිබුණා ගැන නම් කියන්න කල් වැඩියි තාමනමුත් මේ හමුව තුළින් යහපත් යමක් බලාපොරොත්තු වෙමුසඳරු වගේම ඔතනට යායුතු තව දක්ෂතා තියන අය ඉන්නවා සිංහල බ්ලොග් ලියන අයගේත් අදහස් ගැනීමට ක්‍රමයක්‌ සෑදෙයි  අපි බලමුබ්ලොග් කිහිපයක මේ හමුව ගැන විකාර අදහස් දක්වා තිබුණත් ගත හැකි දෙයක් නම් තිබුණේ නෑඅඩුපාඩු හෙව්වා ඇරෙන්නඅතින් ආහාර ගැනීම හා ගැමිකම මදිකමක් ලෙස දැකපු අයත් සඳරුගේ පොස්ට් එකට කමෙන්ට් කරලා තිබ්බාඒවායින් ඉස්මතු වන්නේ හැමදෙයක්ම වැරදියට දකින ගොන් රැලකුත් අපේ රටේ සිටිනා බවයි.


සඳරුවාට මෙන්ම අනිත් අයටත් සුභ පතන ගමන්ම මේ හරහා කාටවත් කඩේ යාමක් නොව සැබෑ ලෙසම රටට වැදගත් යමක් වෙනු දැකීම මගේ පැතුමයි.