සැහෙන දවසකින් ලියන්න උණේ නෑ .... නිවාඩුව නිවාඩුවේ හිටපු නිසා. ඒත් සඳරු ඇවිත් ලියන්න දෙයක් නැද්ද කියල අහලා තිබුණ හින්දයි, අර ජනාධිපති ලේකම් හම්බවෙන්න ගියා කියන පොස්ට් එක වගේම ඒකේ ප්‍රතිචාර දැක්කම මට හිතුණා, ලියන්න හිතන් හිටිය එක පැත්තක දාලා ඒ ගැනම ටිකක් ලියන්න. ඒක කඩේ යාමක් ලෙස දකින කෙනෙක් හිටියොත් දැම්මම කියන්නේ .. එහෙම නොවන වගයි.
සඳරු ගැන නොකියම කතාව පටන්ගත්තොත් අඩුවක් වෙන හින්දා කෙටියෙන් කියලම ඉමුකො. මීට
අවුරුදු තුනකට විතර කලින් ඩයල් එකක් අම්පාරේ අයි. ටී. පන්තියකට ගිහින් පස්සේ
ඒකේම ඉගැන්වීම පටන්ගන්නවා. ඊට ටික කාලෙකට පස්සේ තමන්ගේ අත්දැකීම්, අදහස්, ගමේ කතා ආදිය ලියනවා හිස් අහස කියලා බ්ලොග් එකක. කතා ලියන විදිහත් ඒවායේ රසයත් නිසාම හිස්අහස සෑහෙනට ජනප්‍රිය වෙනවා. හිස් අහස හිස් උනු හැටි කියන පොස්ට් එක තමයි ඒකෙ තියන හැගීම්බරම පොස්ට් එක. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහින්ම බලන්න ඇයි ඒ කියලා.මේ අතරේ ලක්බිම පත්තරෙත් ඔහුගේ ලිපි උපුටලා දැම්මා, පස්සේ චානුක මහත්තයා ලියපු ආටිකල් එකක් නිසා නොදන්න ගොඩ දෙනෙක් සඳරු ගැන දැනගත්තා, ඒ වගේම පත්තරේට ලියන්න චෑන්ස් එකකුත් ලැබුණා. ඇයි එතකොට අර හොඳම බ්ලොග් අඩවිය 2011 සම්මානේ ඇතුළු සම්මාන දෙකක්ම ලැබුණේ.
මේ ළඟදි චානුක මහත්තයා හරහා ජනාධිපති ලේකම්තුමා හම්බවෙන්න ලැබුණු ආරාධනය නේ අලුත්ම දේ. ඒ හමුවේ කතා උණ දේවල් වලින් පේපෑල් ප්‍රශ්නය වගේම තොරතුරු තාක්ෂණ දැනුම ව්‍යාප්ත කිරීම වගේ දේවල් නම් වටිනවා මොකක් හරි වැදගත් යමක්කළොත්. ඒ වගේම සඳරුලාගේ පැත්තේ තොරතුරු තාක්ෂණ නැඹුරුව වැඩි උණොත් හොදයි. ඒ හමුව ගැන ඌ දාපු පොස්ට් එකෙන් පස්සේ විවිධ අදහස් පල උණානේ. සමහර ඒවා නම් ඉතින් සතුට පළකරන්න, සමහර ඒවායේ හමුවේ අඩුපාඩු මෙන්ම වෙනත් චෝදනාද තිබුණා.
සිංහල බ්ලොග්කරුවෙකුට එහෙම යන්න ලැබුණ එක අනිත් අයටත් එක්ක හොඳ ප්‍රවේශයක් හැටියටයි මම දකින්නේ. සමහරු නම් ලලිත් වීරතුංග මහතාට කඩේ යාමක් විදිහට දැකලා තිබුණා. ඒ ගැන නම් කියන්න කල් වැඩියි තාම. නමුත් මේ හමුව තුළින් යහපත් යමක් බලාපොරොත්තු වෙමු. සඳරු වගේම ඔතනට යායුතු තව දක්ෂතා තියන අය ඉන්නවා සිංහල බ්ලොග් ලියන, ඒ අයගේත් අදහස් ගැනීමට ක්‍රමයක් සෑදෙයි ද අපි බලමු. බ්ලොග් කිහිපයක මේ හමුව ගැන විකාර අදහස් දක්වා තිබුණත් ගත හැකි දෙයක් නම් තිබුණේ නෑ, අඩුපාඩු හෙව්වා ඇරෙන්න. අතින් ආහාර ගැනීම හා ගැමිකම මදිකමක් ලෙස දැකපු අයත් සඳරුගේ පොස්ට් එකට කමෙන්ට් කරලා තිබ්බා. ඒවායින් ඉස්මතු වන්නේ හැමදෙයක්ම වැරදියට දකින ගොන් රැලකුත් අපේ රටේ සිටිනා බවයි.
සඳරුවාට මෙන්ම අනිත් අයටත් සුභ පතන ගමන්ම මේ හරහා කාටවත් කඩේ යාමක් නොව සැබෑ ලෙසම රටට වැදගත් යමක් වෙනු දැකීම මගේ පැතුමයි.
සදරු කියන්නෙ දේශපාලන පෝස්ටුවක් වත් නොලියන එකෙක්. ඌ කඩේ යනව කියන්නෙ කොහොමද!
ReplyDeleteඒක අපි පොස්ට් කියවන නිසා හොඳට දන්නවා නේ ....
Deleteකඩේ යනවා කියලා මා කියා නැත. වැරදිය තේරුම් ගොස් ඇති පාටයි.
සඳරු කඩේ නොයන බව මම හොදින්ම දන්නවා ........ පසුව බලමු යයි කීවේ වැඩේ ප්‍රතිපලයි.
Deleteරාජ්ට මම එකගයි.
Deleteඒ වගේම දේශපාලන පෝස්ට් නැතිව සදරුවා ඔහොම හිට්වුනා කියන්නේ පැසසිය යුත්තක්..
සදරු නිසා මේ බ්ලොග්කරණය හොද තැනකට යාවි කියලා මට නම් හිතෙනවා..
ReplyDeleteඔහුට තවත් යමක් කරන්නට තැනක් ලැබෙයිද අපි බලා සිටිමු......
Deleteමම ලිව්වා කතාපෙලක් කොටස් 5ක. "වැලහින්නකට පෙම් බැදිමි" කියලා. මගේ බ්ලොග් එක පුරාවට සදරුගෙන් ලැබුනේ ඒ කතාවට විතරක් කමෙන්ට් 4ක්.
ReplyDeleteහැම එකාම කිව්වා කතාව හරි නැහැ නවත්තපං කියලා. ඒත් සෑමා ලිව්වා. ඒ සදරුවා ආපු එක වටින නිසා. සදරුවා අගය කරමින් කියවපු නිසා..
ඔව් ..... ඒක ඇත්ත ...
Deleteතමන්ගේ හිතේ තියෙන දේ ඒ විදියටම දාන එක කඩේ යමක වෙන්න විදියක් නැහැ.ඒ ලියන විදියටත් අලුත් අයට දෙන උදවු නිසාත් හිස් අහස තවත් ජනප්‍රිය වෙනවා..
ReplyDeleteඅනිවාර්යෙන්ම ......
Deleteමම අදයි පාර හොයාගත්තේ සමාවෙන්ඩෝන මේ තරම් කාලයක් නාවට... සඳරු අයියා ගැන කියද්දි ඉතින් දැකලා නැතත් ඒ ලියන විදියට මට හිතෙන්නේ ගැමිකම නියමෙටම තියෙන ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න හදන නිහතමානි මනුස්සයෙක් කියලා... අනික් ඈයෝ කඩේ යාම් අනං මනං මොනා කීවත් පොළොවේ පය ගහලා ඉන්න හිත හොඳ මනුස්සයෙක්.... ඇත්තම කියනවනං සඳරු අයියා මගේ බ්ලොග් එකට ඇවිත් දාපු මුල්ම කොමෙන්ට් එක මම හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නෑ...මම හිතුවේ නෑ මේ තරම් ජනප්‍රිය කෙනෙක් මම වගේ අළුත් එකෙක්ට කොමෙන්ට් එකක් දාන්නවත් පෙළඹෙයි කියලා..ඉතින් අදටත් මම සඳරු අයියට ගෞරව කරන්නේ බ්ලොග් එකක් ලියන්න ඕනේ කොහොමද වගේ දේවල් ඉගෙන ගත්තේ එයාගෙ ලිපි කියවලා නිසායි
ReplyDeleteසඳරු අයියා නියම රචකයෙක්.. සුපිරි හැකියාවක් එයාට උපතින්ම ලැබිල තියෙනවා..
ReplyDelete