Tuesday, February 21, 2012

මගේ බ්ලොගයට පෙරවදනක්


මම සිංහලෙන් බ්ලොග් එකක් පටන් ගන්න කියල හිත හිත හිටියට ඒක කරන්න උණේම නෑනේ. හදිසියේම සිංහලෙන් ලියන්න වෙච්චි දෙයක් බ්ලොග් එකකට දැම්මොත් මොකද කියල හිතුණා .... ඉතින් දැම්මා පොස්ට් එකක් වින්ඩෝස් 7 ඩීවීඩී එකකින් නැතුව පෙන් එකකින් ස්ථාපනය කරන හැටි ගැන. 

අපි ඉතින් ඒක ගැන කතා නොකර ඇයි මේ සිංහලෙන් ලියන්න හිතුණේ කියල කියමුකෝ.දැනට මාස ගාණකට කලින් අපේ ඔෆීසියේ එකෙක් කිව්වා,මේ බ්ලොග් එක පොඩ්ඩක් බලපන්කො කියලා.වැඩි වැඩකුත් නැති වෙලාවක් හින්දා ඔන්න බැලුවා.

හිස් අහස කියලා තමයි එකේ නම තිබ්බේ, සිංහල බ්ලොග් කියවලා තිබ්බට ඒ වගේ ලස්සන එකක් කියෙව්වෙම එදා තමයි. ඔය ලින්ක් එකෙන් ගිහිල්ලම බලන්නකෝ දන්නේ නැත්නම්. තිබ්බ කථාවලට කොච්චර ආශාවක් ඇති උනාද කිව්වොත් දවස් 5ක් වගේ යද්දී එකේ පොස්ට් එකසිය ගාණම කියෙව්වා. මට අහම්ඹෙන් වගේ හමුඋන හිස් අහස නිසා සිංහලෙන් ලියන්න ආශා හිතුණා.


ඒත් ඉතින් මම සිංහල දන්න තරම මට වැඩිය කව්රු දැන ගන්නද ... ඒ කියන්නේ මට සිංහල බෑ කියන එක තමයි. කොහොම හරි සිංහලෙන් යතුරු ලියනය කරන්න ලේසි ක්‍රමයක් හොයාගත්තා ගූගල් ට පිං සිද්දවෙන්න, ඒ බ්ලොග් වලට කමෙන්ට් දාන්න. ඔය අතර කාලේදී හිස් අහසේ සඳරු, ගැමියාගේ පත් ඉරුව ලියන කොල්ලා වගේ අයත් මුණ ගැහුණා.


සඳරුවා කතා කරපු වෙලාවක මට කිව්වා ... "උඹත් බ්ලොග් එකක් ලියපන්කො" කියලා. ඒ කතාවට වගේම ලස්සන පොස්ට් දාලා සිංහලෙන් ලියන්න මාව පෙළඹවීම ගැන සඳරු මලයාට ස්තුතියි. ඒත් මම වගේ යන්තම් සිංහල ව්‍යාකරණ දන්න එකෙක් බ්ලොග් එකක් ලියලා කියවන අය අපහසුතාවයට පත් කරන්න බැරි නිසා මම ඒ ගැන වැඩිය උනන්දු උණේ නෑ.


ඒත් මේ ඊයේ පෙරේදා දවසක සඳරු අහපු දේකට උත්තරයක්‌ විදිහට තමයි පළවෙනි පොස්ට් එක දැම්මේ.පළවෙනි පොස්ට් එක දැකලා අසරණයා බ්ලොග් එක ලියන සහෝදරයා දිගටම ලියන්න කියලා කමෙන්ට් කරලා තිබ්බා.

දැන් ඉතින් පටන් ගත්ත එකේ ඉඳ හිට හරි පොස්ට් එකක් දමන්නම්. අඩු පාඩු තියෙයි පිරෙන්න ..... බලන අය ඒවාට බැනලා යන්න අමතක කරන්න එපා. එහෙම උණොත් මට ටික ටික හරි බ්ලොග් එකේ වැරදි හදාගන්න පුළුවන් වෙයි.


6 comments:

  1. දිගු ගමනකට ම්ගෙන් උඹට කෙටි සුබපැතුමක් .!!

    පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යාවි කියලා මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. උඹට ස්තුතියි .... කරලා බලමුකෝ .....

      Delete
  2. මටත් බ්ලොග් කෙරුවාවට අස හිතුනේ සන්දරුගේ පොස්ට් කියවල.උඹට මේ ලියන්න බැහැ කියල තිබුනාට මේ තියෙන්නේ.

    ReplyDelete
  3. එල එල...දිගටම ලියමු යාලුවා...බ්ලොග්කරණයේ දිග ගමනක් යන්න මගෙනුත් සුභ පැතුම්!!! :)

    ReplyDelete
  4. ජයවේවා ජයවේවා දිගටම ඇදගෙන යමු. හැමෝම බලන සාර්ථක බ්ලොගයක් බවට පත් වේවා කියල ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  5. @දර්ශන - ලාබයි ඇපල්,@කුබූ,@අසරණයා -- ගොඩක් පස්සේ කමෙන්ටු දැක්කේ තිදෙනාටම ස්තුතියි. දැන් ඉඳහිට ලියනවා මොනාවාහරි

    ReplyDelete