Thursday, March 1, 2012

ෆේස්බුක් හා බැඳුනු තරුණ ජීවිත




ඔන්න අද නම් ලියන්න හිතුවේ,අපේ කෙල්ලෝ කොල්ලෝ මෙන්ම ලෝකෙම ගොඩක් එවුන් දන්න මේ මූණු පොත නැත්නම් ෆේස්බුක් ගැන තමයි.ෆේස්බුක් කියන්නේ මොකක්ද,කොහෙන්ද ආවේ කියල බලලම කතාව පටන් ගමු එහෙනම්. 

2004 දී අපේ මේ මාර්ක් සකර්බර්ග් කියන හාදය ට පහළ වෙච්ච අදහසකට අනුව බිහිවුණ මිතුරු ජාල (සෝෂල් නෙට්වර්කින්) වෙබ් අඩවිය තමයි මේ ෆේස්බුක් කියන්නේ.දැනට මිලියන 850කට වැඩි ක්‍රියාකාරී සාමාජික පිරිසක් ඉන්නවා කියලා තමයි විකිපීඩියා එක නම් කියන්නේ.

තමන්ගේ යාළුවන්ගේ අලුත්ම විස්තර දැනගන්නත්,පරණ යාළුවෝ හමුවෙන්නත්,වෙනත් රටවල ඉන්න යාළුවන්ගේ විස්තර දැනගන්නත් ෆේස්බුක් වලින් වෙන සේවය නම් උපරිමයි.හැබැයි මේ හදන්නේ ෆේස්බුක් එකට කඩේ යන්නවත් ඒකෙ ගුණ වර්ණනා කරන්න නම් නෙවෙයි.ෆේස්බුක් හින්ද වෙලා තියන සාමාජීය වෙනස්කම් හා පිටට නොපෙනෙන අප නොසිතන කරුණු ටිකක් කියන්නයි මේ හදන්නේ.මේ කථාවෙන් කාටවත් පහර ගහන්නවත්,වැරදියි කියනන්වත් මට අවශ්‍ය නෑ. හොඳ නරක ගැන තීරණ ගැනීම කියවන ඔබ අතේ තමයි තියෙන්නේ.සීමාවකින් තොරව කියන්න දේවල් තිබ්බත්,පොඩි දේවල් ටිකක් විතරක් මම දාන්නම් මෙහෙම;

අපේ FB යාළුවො සමහර අය ඉතින් කන බොන, යන එන, කියන කොරන හැමදෙයක්ම තමන්ගේ ස්ටේටස් එකේ දානවනේ. මොනවද කියලා නොකිව්වට ඔයගොල්ලොත් දන්නවනේ මොනවද කියලා.හැබැයි ඉතින් බුකියේ ඉන්න යාළුවො ඔක්කොම අපි දන්න සැබෑම යාළුවො නම් ඉතින් ලොකු අවුලක් නෑ,ඕවා බලලා කට්ටිය හිනා වෙලා හරි ඉඳියිනේ. 

FBකියන්නේ ඉස්කෝලේ යන පොඩි කෙල්ලෝ කොල්ලොන්ගේ ලොකු විලාසිතාවක්නේ දැන්.අනිත් එවුන් හදාගන්නවා දැක්කම තමනුත් හදාගන්නවා එකවුන්ට් එකක්,එකත් ඉතින් ආතල් වැඩේනේ. ඒ විතරක්ද දැන් යාළුවොත් එපායැ අනිත් එවුන්ට වඩා.දැන් ඉතින් ඇඩ් කරගන්නවා දන්න එකයි නොදන්න එකයි ඔක්කොම.... කොල්ලෝ නම් ලස්සන ෆොටෝ තියන කෑලි ටිකක්, කෙල්ලෝ නම් ඉතින් හින්දි නළුවන්ගේ ෆොටෝ දාල තියන එවුන් ටිකක් තමයි ඇඩ් කරගන්නේ.ඊට පස්සේ තමයි හොඳම හරිය, දැන් මේ නොදන්න ඩයල් එක්ක චැට් කරනවා, මෙසේජ් යවනවා .... ටිකක් කල් යද්දී ලව් කරන්නත් පටන් ගන්නවා. ඊට පස්සේ මේ වගේ අය වෙනුවෙන් වියදම් කරනවා,හමුවෙන්න යනවා,ගිහින් කෙලවා ගන්නවා. කොච්චර නම් අපචාර සිද්ධීන් වෙනවද ෆේස්බුක් හරහා.

තවත් ලොකු ප්‍රශ්නයක් තමයි වෙනත් නම් වලින් හදන එකවුන්ට්,ඒකෙන් විවිධ පුද්ගලයන්ට හානිකර දේවල් පතුරුවා හරිනවා මෙන්ම පුද්ගල රැවටීම් ද ගැන තොරතුරු නිතර අහන්න ලැබෙනවා.වෙනත් ආගම්, සංස්කෘතීන් ගැන අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම වගේම දේශපාලන විප්ලව සඳහා පවා අද ෆේස්බුක් පාවිච්චි වෙනවා.

සමහරුන්ගේ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් පුද්ගලයන් සම්බන්ධ කරගන්නත් ෆේස්බුක් භාවිතා වෙනවා, වෙනත් රටවල වගේම අපේ රටෙත්.මේ ගොඩක් දේවල්වල ඉලක්කය වෙන්නේ නව යොවුන් වියේ ඉන්න පාසල් සිසුන්ම තමයි.මගේ මතකයට ආපු දේවල් ටිකක් විතරයි මේ දැම්මේ, තවත් මෙවැනි දේවල් ඕන තරම් ඇති අපිත් නොදන්න.

සීමාවකින් තොරව පිරිස් ෆේස්බුක් එකට එකතු වෙන හින්දා,සමහර වැරදි දේවල්,බොරු පුද්ගල සහිත පුද්ගලයන් හඳුනාගන්න එක ෆේස්බුක් එකටත් ප්‍රශ්නයක් වෙලයි තියෙන්නේ.ඔවුන් නිදහසේ එකවුන්ට් එකක් හදාගන්න අවස්ථාව දුන්නට ඒකෙ සීමාවක් දාන්න ක්‍රමයක් ඔවුන් සතු නොවීම මෙවැනි විෂමාචාර දේවල් වැඩි වීමට තවත් හේතුවක් වෙනවා.

ඔබත් ෆේස්බුක් ඉන්නවා නම් හරි හදන්න බලාපොරොත්තු වෙනවා නම් හරි මේවා ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. තව ඔබේ නංගිලා මල්ලිලා ෆේස්බුක් පස්සේ යනවා නම් ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලන එක නරකක් වෙන එකක් නෑ.ඒ අය ඇත්තටම ඉගෙන ගන්නවාද පාසල්,පන්ති යනවාද කියන දේත් බලනවා නම් තමයි හොඳ.මොකද අද කාලේ වෙන දේවල් හැටියට මෙවැනි දෙයක ගොදුර අපේ කව්රු හරි වෙන්න බැරි නෑ. 

පින්තූරය ලබාගත්තේ මෙතනින් :-
http://100sfbfans.com/wp-content/uploads/2010/12/buy-facebook-fans-small.jpg


10 comments:

  1. ෆේස් බුක් ගැන ගොඩක් දේවල් මමත් දැනගත්තේ ඒක භාවිතා කරමින් වසරක් පමන ගත වුණාට පසුවයි . දැන් මගේ ගම් පලාත්තෙ ෆේස් බුකිය භාවිතා කරමින් කල මහාම මහා වංවාචක් දවසක මම ලියලනවා . ඉතින් මේ තරම් වැදගත් විස්තරයක් කලාට ස්තූතියි ..

    ඔයි ෆේස් බුක් හැක් කොරනවා කියන මගඩිය ගැනත් උඹගෙන් මම ලිපියක් බලා පොරොත්තු වෙනවා ..

    ReplyDelete
    Replies
    1. එල එල උඹත් දාපංකෝ අපිටත් දැනගන්න. තැන්ක් යූ කිව්වා ඔන්න කමෙන්ටුවට....

      හැකින් ගැන ..... හැක් කොරන එකෙක් සෙට් කරගෙනම මොනවහරි හොයාගන්න බලන්නම්.

      Delete
  2. podda Mar 1, 2012 08:43 AM
    බ්ලොග් එක ලියන්නට පාවිච්චි කරන භාෂාව එහෙම කියවන්න එාස හිතෙනවා. ජය වේවා

    @podda;
    සමාවෙන්න පොඩ්ඩෝ උඹේ කමෙන්ටුව ...... ගැලඋනාට ....වැරදීමකින් ඩිලීට් එබුනා නොවැ. මට නම් බොල ඒ තරම් ලියන්න තේරෙන්නේ නෑ. එත් ස්තුතියි කමෙන්ටුවට

    ReplyDelete
  3. මම දන්නා විදියට 2003 දී තමයි මේ මාර්ක අය්යා මේක හැදුවේ.ඒ එයා ඉගන ගත්තු සරසවියේ හිටපු යාළුවොත් එක්ක හැමදාම සබඳ තාවය තියන් ඉන්න.පස්සේ තමා එය ඇමරිකාවේ වටේ ගිහින් ලෝකේ වැටෙත් ගියේ.

    ෆේස් බුක් ආයතනයේ ලොකුම පුටුවේ ඉන්නේ නිර්මාණ කරු මාර්ක් ඒ වගේම 9 වෙනි ස්ථානයේ ඉන්නේ ලංකාවේ චින්තක කියල කෙනෙක්.පොඩි ආඩම්බරයක් තියෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. මම මෙහිදී 2004 වශයෙන් දක්වා ඇත්තේ නිල වශයෙන් අන්තර්ජාලයට මුදා හරින ලද වර්ෂයයි.
      ස්තුතියි දැනුවත් කිරීමට..... අපේ එවුන් කොහේ ගියත් වැඩ කාරයෝ තමයි.

      Delete
    2. මචං හර්ෂණ මම වැරද්දක් අඩුපාඩුවක් නෙවෙයි කිවුවේ.මට මතක විදියට ඒක ආරම්බය විතරයි.

      එළ පොස්ට් ඒක

      Delete
    3. වැරද්දක් අඩුපාඩුවක් කිව්වත් මොකෝ ..... ඒකෙන් මට අඩුවක් වෙන්නේ නෑනේ මචං.
      අවුලක් නෑ මට නම් .... උඹට අවුල්ද ... :D

      හි හි ... ස්තුතියි

      Delete
    4. මට අවුලක් නෑ.නොදන්නා දේවල් දැනගත්තෙත් මේ පොස්ට් එකෙන්

      Delete
  4. මචංලා... මම මූනු පොත ගැන හොඳට දැන ගත්තෙ මෙන්න මේ චිත්තරපටියෙන්
    The Social Network [ http://www.imdb.com/title/tt1285016/ ]

    ReplyDelete
    Replies
    1. තව පාරක් බලමු එහෙනම් ...!

      Delete