Tuesday, March 27, 2012

ලෝක තෙල් මිල හා අපේ ආර්ථිකය




මේ දවස්වල හැමතැනම කතාවෙන මාතෘකාවක්‌ නේ මේ තෙල් මිලමටත් හිතුණා  ගැන මගේ අදහස් ටිකක් ලියන්නමොකද මේ සැරේ තෙල් මිල වැඩිවුණේ රටේ සාමාන්‍ය ජනතාව කබලෙනුත් ලිපට දාගෙනනේ.එක පාරටම මෙච්චර ලොකු ගානකින් ඩීසල් වැඩි උණාම (ලීටරයක්‌ රුපියල් 31/= කින් තව කොච්චර දේවල් වල මිල වැඩි උනාදතව මොනවා වැඩිවෙයිද....මොකද මේ තෙල්වල මිල ඔච්චර වැඩිවුණේ කියලා මාත් ටිකක්හෙව්වා බලන්නහැබැයි ඉතින් මේකේ තියන ඔක්කොම  100% ක්ම හරි කියලා කියන්නේ නෑ මම

ඇත්තටම ලෝකේ තෙල් මිල වැඩිවුණාද කෙටියෙන් ඇහුවොත්... ? උත්තරේ ඔව්.  හැබැයි කොච්චරක්ද ඇහුවොත් ඒක සාපේක්ෂව 7%-8% වගේ ගාණක්හරියටම කියනවා නම් ඩොලර් සීයට ආසන්නව තිබ්බ බොර තෙල් බැරල් එක එකසිය හතක් වගේ වෙලා දැන්අපි අමතක නොකළ යුතු දෙයක් තමයි ගිය වර්ෂයේ මාර්තු වෙන කොටත් තෙල් මිල ඩොලර් සීය වගේ තිබුණේඒක කොහොම උණත් මෙච්චර ලොකු ගානකින් ඩීසල් වැඩිවුණේ ඇයි කියලා ඔබට ප්‍රශ්නයක් නේද...


 ගැන සොයා බැලීමේදී මට පෙනුණු දෙයක් තමයි ආණ්ඩුවේ වෙනත් වියදම් පියවා ගැනීමත් මේ මිල වැඩිකිරීමෙන් බලාපොරොත්තු වෙනවා කියන එකඒකට ප්‍රධානම හේතුව වෙලා තියන්නේ ආණ්ඩුව මුහුණ දෙන මූල්‍ය අර්බුදයසංවර්ධනය සඳහා වෙන්කරන මුදලින් 10% -20% අතර ප්‍රමාණයක් අපතේ යාම මේකට ප්‍රධාන හේතුවක්අපතේ යනවා කිව්වට මේක වෙන්නේ ක්‍රම කීපයකටයිඅල්ලස් හා දූෂණඅනවශ්‍ය උත්සවඅකාර්යක්ෂමතාවනියමිත කාලයට ව්‍යාපෘති නිම නොකිරීම මේ අතුරින් ප්‍රධාන කාරණායිඑහෙම කියලා සංවර්ධන ව්‍යාපෘති නවත්තන්න ඕන කියලා කව්රු හරි කියනවා නම්  අයගේ මොළේ පරීක්ෂා කරගැනීම අවශ්‍ය දෙයක්

සීමාවකින් තොරව අවශ්‍ය දේට මෙන්ම අනවශ්‍ය දේ සදහාත් විදේශ ණය ගැනීමත් මෙලෙස ආර්ථික වශයෙන් අපේ රට අවපාතයකට ලක්වීමට හේතුවක් වගේම තමයි ආනයනය කරනු ලබන අධි සුඛෝපභෝගී හා අනවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය ඉහළ යාමත් අපේ අපනයනයන් දිනින් දින පහළ යාමත් ආර්ථිකයට ලොකු බලපෑමක් කරනවා දේවල් එක පැත්තකින් බලපාන කොට ලෝක මූල්‍ය අරමුදල (IMFඑක අපිට බලපෑම් කළා ඩොලරයේ අගය විචලනය වෙන්න දෙන්න කියලාඑතකොට අපේ මහ බැංකුව කළේ සංචිත විකුණලා දාලා ඒක සමනය කරන්න හදපු එකයි උණාට අන්තිමට සංචිතත් නෑ ඩොලරයත් රුපියල් 130/= කට වගේ නැගලා



ළඟදි ඉඳන් ණය පොලිය සැහෙන ප්‍රමාණයකින් ඉහළ දාන්නත් මහ බැංකුව අනිකුත් බැංකුවලට උපදෙස් දුන්නාමොකද බැංකු පවා මූල්‍යමය අතින් වැටිලා හිටපු නිසාඒත් එක්කම ස්ථාවර තැන්පතු පොලියත් වැඩි කරලා ලොකු ලොකු සල්ලිකාරයන්ට සහනයක් දෙන්නත් රජය අමතක කරලා නෑ.ඒකෙ අතුරු පලයක්‌ විදිහට කොටස් වෙළද පොළෙහි කරපු ආයෝජන අඩුවෙන්නත් පටන් ගත්තා විතරක් නෙවෙයි .... මේ වෙද්දී දරුණු කඩාවැටීමකටත් ලක්වෙලයි තියෙන්නේ


අන්තිමට බලාගෙන ගියාම රටේ සාමාන්‍ය ජනතාව තමයි හැම දේකින්ම තැලෙන්නේරටේ ඉහළ තනතුරුවල ඉන්න උදවියසොයාබැලීමකින් තොරව ගන්න තීරණවලින් වෙන විපාකවලට අපි වන්දි ගෙවනවා නෙවෙයි  මේ වෙන්නේමම නම් ආර්ථික වීද්‍යාව හදාරලා නෑ උණාට මට නිකමට හිතුණ දේවල් ටිකක් ලියන්න ඕන හිතිච්ච නිසයි මේ ලිව්වේ


පින්තූරය ගත්තේ මෙතනින් :- http://mohdarafat.files.wordpress.com/2011/08/fuel-price-hike.jpg

ප.ලි.:මෙම ලිපිය කිසියම් පුද්ගලයකුට හෝ ආයතනයකට මඩ ගැසීමක් නොවන අතර මාගේ සංවේගය ප්‍රකාශ කිරීම සඳහා පමණක් ලියන ලදී.

13 comments:

  1. ඉතාලියෙත් දැන් තෙල් මිල වැඩියි.. මම අන්තිමට තෙල් ගැහුවේ ලීටරයක් ලංකාවේ මුදලින් රු320ට විතර..

    ReplyDelete
  2. යකෝ බලාගෙන යද්දී බැරිවෙලාවත් ලංකාවේ තෙල් ලිඳ කැපූ දාට මීටත් වඩා තෙල් ඉහල යන්ඩ ඉඩ තියනවා. ලිඳ කපන්න අච්චරක් ගියා මෙච්චරක් ගියා කිය කිය තෙල් මිල වැඩි කරාවි නියමෙට .

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ ඒක අපි කපන එකත් වෙන රටකට දීල අයිතියත් ..... උන්ටම දීල දාමු.

      Delete
  3. @Dinesh,@හිස් අහස : දෙන්නටම ස්තුතියි මේ පැත්තේ ආවාට ...

    තව දෙයක් කියන්න බැරි උනා මේකේ; මේ අවුරුද්ද අන්තිම වෙනකොට දැනට ඩොලර් 107 වගේ තියන බෝර තෙල් බැරලය 120 පනියි කියල තමයි කියන්නේ :(

    ReplyDelete
  4. ඒ පැත්තේ කමෙන්ටුවක් දාල තිබ්බ නිසා හොයාගෙන ආවේ..

    ඔය කියන ලිද කපපු එකාලම කුදලගෙන යයි මචං..

    ජය පතමි..

    ReplyDelete
    Replies
    1. ආපු එකට ස්තුතියි ...... කපපු එවුන්ම තෙල් ටික ගනීවි අනිවාර්යෙන්ම

      Delete
  5. වෙන දෙයක් හොයාගන්න වෙනවා අප්පා ඉක්මනටම තෙල් වෙනුවට ...

    ReplyDelete
    Replies
    1. වෙන විකල්ප බලශක්ති ප්‍රභව තිබ්බට ...... ඒවායින් බොරතෙල් මෙන් සාර්ථක එකක් තාම හමුවී නෑනේ.

      ඒ උනාට ඉතින් ටික ටික හරි තියන විකල්ප අත්හදා බලන්න වෙනවා ....... නැත්නම් ඉතීන් ලොකු යුද්දයක් තියෙයි තෙල් ගන්නටත්.

      Delete
  6. තෙල් බැරල් ඒක 140 තිබුණු දවස වල ලංකාවේ පෙට්‍රල් ලීටර ඒක කියාද? මේක වැඩි පුරාම දේ තමා රජයට මුදල් ලබා ගැනීම.ඇමති මණ්ඩලය ඇති කරන්නේ අහිංසක මිනිසුන්ගේ දහදිය මහන්සියෙන්.

    ReplyDelete
    Replies
    1. උඹ නම් කියයි, එහෙම ලාභ තියාගත්තේ නැත්නම් හොරකම් කරන්නවත් ගානක් සෙට් වෙන්නේ නෑනේ

      Delete
  7. කොහොමත් අවුරුද්දෙන් පස්සෙ ආයෙත් තෙල් මිල යයි වගේ, ඇමති මණ්ඩලේ නඩත්තු කරන්නත් එපැයි!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ...... එහෙම උනොත් ඉතින් හැමදාම බන්දුලව වත හම්බවෙන්න වෙනවා ........ අඩුවෙන් වියදම් කරන හැටි ඉගෙන ගන්න

      Delete
  8. මෙතනින් පස්සේ උඹට ලියන්ඩ දේවල් ඇත්තෙම නෑ ?

    ReplyDelete