Tuesday, March 27, 2012

ලෝක තෙල් මිල හා අපේ ආර්ථිකය




මේ දවස්වල හැමතැනම කතාවෙන මාතෘකාවක්‌ නේ මේ තෙල් මිලමටත් හිතුණා  ගැන මගේ අදහස් ටිකක් ලියන්නමොකද මේ සැරේ තෙල් මිල වැඩිවුණේ රටේ සාමාන්‍ය ජනතාව කබලෙනුත් ලිපට දාගෙනනේ.එක පාරටම මෙච්චර ලොකු ගානකින් ඩීසල් වැඩි උණාම (ලීටරයක්‌ රුපියල් 31/= කින් තව කොච්චර දේවල් වල මිල වැඩි උනාදතව මොනවා වැඩිවෙයිද....මොකද මේ තෙල්වල මිල ඔච්චර වැඩිවුණේ කියලා මාත් ටිකක්හෙව්වා බලන්නහැබැයි ඉතින් මේකේ තියන ඔක්කොම  100% ක්ම හරි කියලා කියන්නේ නෑ මම

ඇත්තටම ලෝකේ තෙල් මිල වැඩිවුණාද කෙටියෙන් ඇහුවොත්... ? උත්තරේ ඔව්.  හැබැයි කොච්චරක්ද ඇහුවොත් ඒක සාපේක්ෂව 7%-8% වගේ ගාණක්හරියටම කියනවා නම් ඩොලර් සීයට ආසන්නව තිබ්බ බොර තෙල් බැරල් එක එකසිය හතක් වගේ වෙලා දැන්අපි අමතක නොකළ යුතු දෙයක් තමයි ගිය වර්ෂයේ මාර්තු වෙන කොටත් තෙල් මිල ඩොලර් සීය වගේ තිබුණේඒක කොහොම උණත් මෙච්චර ලොකු ගානකින් ඩීසල් වැඩිවුණේ ඇයි කියලා ඔබට ප්‍රශ්නයක් නේද...


 ගැන සොයා බැලීමේදී මට පෙනුණු දෙයක් තමයි ආණ්ඩුවේ වෙනත් වියදම් පියවා ගැනීමත් මේ මිල වැඩිකිරීමෙන් බලාපොරොත්තු වෙනවා කියන එකඒකට ප්‍රධානම හේතුව වෙලා තියන්නේ ආණ්ඩුව මුහුණ දෙන මූල්‍ය අර්බුදයසංවර්ධනය සඳහා වෙන්කරන මුදලින් 10% -20% අතර ප්‍රමාණයක් අපතේ යාම මේකට ප්‍රධාන හේතුවක්අපතේ යනවා කිව්වට මේක වෙන්නේ ක්‍රම කීපයකටයිඅල්ලස් හා දූෂණඅනවශ්‍ය උත්සවඅකාර්යක්ෂමතාවනියමිත කාලයට ව්‍යාපෘති නිම නොකිරීම මේ අතුරින් ප්‍රධාන කාරණායිඑහෙම කියලා සංවර්ධන ව්‍යාපෘති නවත්තන්න ඕන කියලා කව්රු හරි කියනවා නම්  අයගේ මොළේ පරීක්ෂා කරගැනීම අවශ්‍ය දෙයක්

සීමාවකින් තොරව අවශ්‍ය දේට මෙන්ම අනවශ්‍ය දේ සදහාත් විදේශ ණය ගැනීමත් මෙලෙස ආර්ථික වශයෙන් අපේ රට අවපාතයකට ලක්වීමට හේතුවක් වගේම තමයි ආනයනය කරනු ලබන අධි සුඛෝපභෝගී හා අනවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය ඉහළ යාමත් අපේ අපනයනයන් දිනින් දින පහළ යාමත් ආර්ථිකයට ලොකු බලපෑමක් කරනවා දේවල් එක පැත්තකින් බලපාන කොට ලෝක මූල්‍ය අරමුදල (IMFඑක අපිට බලපෑම් කළා ඩොලරයේ අගය විචලනය වෙන්න දෙන්න කියලාඑතකොට අපේ මහ බැංකුව කළේ සංචිත විකුණලා දාලා ඒක සමනය කරන්න හදපු එකයි උණාට අන්තිමට සංචිතත් නෑ ඩොලරයත් රුපියල් 130/= කට වගේ නැගලා



ළඟදි ඉඳන් ණය පොලිය සැහෙන ප්‍රමාණයකින් ඉහළ දාන්නත් මහ බැංකුව අනිකුත් බැංකුවලට උපදෙස් දුන්නාමොකද බැංකු පවා මූල්‍යමය අතින් වැටිලා හිටපු නිසාඒත් එක්කම ස්ථාවර තැන්පතු පොලියත් වැඩි කරලා ලොකු ලොකු සල්ලිකාරයන්ට සහනයක් දෙන්නත් රජය අමතක කරලා නෑ.ඒකෙ අතුරු පලයක්‌ විදිහට කොටස් වෙළද පොළෙහි කරපු ආයෝජන අඩුවෙන්නත් පටන් ගත්තා විතරක් නෙවෙයි .... මේ වෙද්දී දරුණු කඩාවැටීමකටත් ලක්වෙලයි තියෙන්නේ


අන්තිමට බලාගෙන ගියාම රටේ සාමාන්‍ය ජනතාව තමයි හැම දේකින්ම තැලෙන්නේරටේ ඉහළ තනතුරුවල ඉන්න උදවියසොයාබැලීමකින් තොරව ගන්න තීරණවලින් වෙන විපාකවලට අපි වන්දි ගෙවනවා නෙවෙයි  මේ වෙන්නේමම නම් ආර්ථික වීද්‍යාව හදාරලා නෑ උණාට මට නිකමට හිතුණ දේවල් ටිකක් ලියන්න ඕන හිතිච්ච නිසයි මේ ලිව්වේ


පින්තූරය ගත්තේ මෙතනින් :- http://mohdarafat.files.wordpress.com/2011/08/fuel-price-hike.jpg

ප.ලි.:මෙම ලිපිය කිසියම් පුද්ගලයකුට හෝ ආයතනයකට මඩ ගැසීමක් නොවන අතර මාගේ සංවේගය ප්‍රකාශ කිරීම සඳහා පමණක් ලියන ලදී.

Thursday, March 1, 2012

ෆේස්බුක් හා බැඳුනු තරුණ ජීවිත




ඔන්න අද නම් ලියන්න හිතුවේ,අපේ කෙල්ලෝ කොල්ලෝ මෙන්ම ලෝකෙම ගොඩක් එවුන් දන්න මේ මූණු පොත නැත්නම් ෆේස්බුක් ගැන තමයි.ෆේස්බුක් කියන්නේ මොකක්ද,කොහෙන්ද ආවේ කියල බලලම කතාව පටන් ගමු එහෙනම්. 

2004 දී අපේ මේ මාර්ක් සකර්බර්ග් කියන හාදය ට පහළ වෙච්ච අදහසකට අනුව බිහිවුණ මිතුරු ජාල (සෝෂල් නෙට්වර්කින්) වෙබ් අඩවිය තමයි මේ ෆේස්බුක් කියන්නේ.දැනට මිලියන 850කට වැඩි ක්‍රියාකාරී සාමාජික පිරිසක් ඉන්නවා කියලා තමයි විකිපීඩියා එක නම් කියන්නේ.

තමන්ගේ යාළුවන්ගේ අලුත්ම විස්තර දැනගන්නත්,පරණ යාළුවෝ හමුවෙන්නත්,වෙනත් රටවල ඉන්න යාළුවන්ගේ විස්තර දැනගන්නත් ෆේස්බුක් වලින් වෙන සේවය නම් උපරිමයි.හැබැයි මේ හදන්නේ ෆේස්බුක් එකට කඩේ යන්නවත් ඒකෙ ගුණ වර්ණනා කරන්න නම් නෙවෙයි.ෆේස්බුක් හින්ද වෙලා තියන සාමාජීය වෙනස්කම් හා පිටට නොපෙනෙන අප නොසිතන කරුණු ටිකක් කියන්නයි මේ හදන්නේ.මේ කථාවෙන් කාටවත් පහර ගහන්නවත්,වැරදියි කියනන්වත් මට අවශ්‍ය නෑ. හොඳ නරක ගැන තීරණ ගැනීම කියවන ඔබ අතේ තමයි තියෙන්නේ.සීමාවකින් තොරව කියන්න දේවල් තිබ්බත්,පොඩි දේවල් ටිකක් විතරක් මම දාන්නම් මෙහෙම;

අපේ FB යාළුවො සමහර අය ඉතින් කන බොන, යන එන, කියන කොරන හැමදෙයක්ම තමන්ගේ ස්ටේටස් එකේ දානවනේ. මොනවද කියලා නොකිව්වට ඔයගොල්ලොත් දන්නවනේ මොනවද කියලා.හැබැයි ඉතින් බුකියේ ඉන්න යාළුවො ඔක්කොම අපි දන්න සැබෑම යාළුවො නම් ඉතින් ලොකු අවුලක් නෑ,ඕවා බලලා කට්ටිය හිනා වෙලා හරි ඉඳියිනේ. 

FBකියන්නේ ඉස්කෝලේ යන පොඩි කෙල්ලෝ කොල්ලොන්ගේ ලොකු විලාසිතාවක්නේ දැන්.අනිත් එවුන් හදාගන්නවා දැක්කම තමනුත් හදාගන්නවා එකවුන්ට් එකක්,එකත් ඉතින් ආතල් වැඩේනේ. ඒ විතරක්ද දැන් යාළුවොත් එපායැ අනිත් එවුන්ට වඩා.දැන් ඉතින් ඇඩ් කරගන්නවා දන්න එකයි නොදන්න එකයි ඔක්කොම.... කොල්ලෝ නම් ලස්සන ෆොටෝ තියන කෑලි ටිකක්, කෙල්ලෝ නම් ඉතින් හින්දි නළුවන්ගේ ෆොටෝ දාල තියන එවුන් ටිකක් තමයි ඇඩ් කරගන්නේ.ඊට පස්සේ තමයි හොඳම හරිය, දැන් මේ නොදන්න ඩයල් එක්ක චැට් කරනවා, මෙසේජ් යවනවා .... ටිකක් කල් යද්දී ලව් කරන්නත් පටන් ගන්නවා. ඊට පස්සේ මේ වගේ අය වෙනුවෙන් වියදම් කරනවා,හමුවෙන්න යනවා,ගිහින් කෙලවා ගන්නවා. කොච්චර නම් අපචාර සිද්ධීන් වෙනවද ෆේස්බුක් හරහා.

තවත් ලොකු ප්‍රශ්නයක් තමයි වෙනත් නම් වලින් හදන එකවුන්ට්,ඒකෙන් විවිධ පුද්ගලයන්ට හානිකර දේවල් පතුරුවා හරිනවා මෙන්ම පුද්ගල රැවටීම් ද ගැන තොරතුරු නිතර අහන්න ලැබෙනවා.වෙනත් ආගම්, සංස්කෘතීන් ගැන අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම වගේම දේශපාලන විප්ලව සඳහා පවා අද ෆේස්බුක් පාවිච්චි වෙනවා.

සමහරුන්ගේ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් පුද්ගලයන් සම්බන්ධ කරගන්නත් ෆේස්බුක් භාවිතා වෙනවා, වෙනත් රටවල වගේම අපේ රටෙත්.මේ ගොඩක් දේවල්වල ඉලක්කය වෙන්නේ නව යොවුන් වියේ ඉන්න පාසල් සිසුන්ම තමයි.මගේ මතකයට ආපු දේවල් ටිකක් විතරයි මේ දැම්මේ, තවත් මෙවැනි දේවල් ඕන තරම් ඇති අපිත් නොදන්න.

සීමාවකින් තොරව පිරිස් ෆේස්බුක් එකට එකතු වෙන හින්දා,සමහර වැරදි දේවල්,බොරු පුද්ගල සහිත පුද්ගලයන් හඳුනාගන්න එක ෆේස්බුක් එකටත් ප්‍රශ්නයක් වෙලයි තියෙන්නේ.ඔවුන් නිදහසේ එකවුන්ට් එකක් හදාගන්න අවස්ථාව දුන්නට ඒකෙ සීමාවක් දාන්න ක්‍රමයක් ඔවුන් සතු නොවීම මෙවැනි විෂමාචාර දේවල් වැඩි වීමට තවත් හේතුවක් වෙනවා.

ඔබත් ෆේස්බුක් ඉන්නවා නම් හරි හදන්න බලාපොරොත්තු වෙනවා නම් හරි මේවා ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. තව ඔබේ නංගිලා මල්ලිලා ෆේස්බුක් පස්සේ යනවා නම් ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලන එක නරකක් වෙන එකක් නෑ.ඒ අය ඇත්තටම ඉගෙන ගන්නවාද පාසල්,පන්ති යනවාද කියන දේත් බලනවා නම් තමයි හොඳ.මොකද අද කාලේ වෙන දේවල් හැටියට මෙවැනි දෙයක ගොදුර අපේ කව්රු හරි වෙන්න බැරි නෑ. 

පින්තූරය ලබාගත්තේ මෙතනින් :-
http://100sfbfans.com/wp-content/uploads/2010/12/buy-facebook-fans-small.jpg


Tuesday, February 21, 2012

මගේ බ්ලොගයට පෙරවදනක්


මම සිංහලෙන් බ්ලොග් එකක් පටන් ගන්න කියල හිත හිත හිටියට ඒක කරන්න උණේම නෑනේ. හදිසියේම සිංහලෙන් ලියන්න වෙච්චි දෙයක් බ්ලොග් එකකට දැම්මොත් මොකද කියල හිතුණා .... ඉතින් දැම්මා පොස්ට් එකක් වින්ඩෝස් 7 ඩීවීඩී එකකින් නැතුව පෙන් එකකින් ස්ථාපනය කරන හැටි ගැන. 

අපි ඉතින් ඒක ගැන කතා නොකර ඇයි මේ සිංහලෙන් ලියන්න හිතුණේ කියල කියමුකෝ.දැනට මාස ගාණකට කලින් අපේ ඔෆීසියේ එකෙක් කිව්වා,මේ බ්ලොග් එක පොඩ්ඩක් බලපන්කො කියලා.වැඩි වැඩකුත් නැති වෙලාවක් හින්දා ඔන්න බැලුවා.

හිස් අහස කියලා තමයි එකේ නම තිබ්බේ, සිංහල බ්ලොග් කියවලා තිබ්බට ඒ වගේ ලස්සන එකක් කියෙව්වෙම එදා තමයි. ඔය ලින්ක් එකෙන් ගිහිල්ලම බලන්නකෝ දන්නේ නැත්නම්. තිබ්බ කථාවලට කොච්චර ආශාවක් ඇති උනාද කිව්වොත් දවස් 5ක් වගේ යද්දී එකේ පොස්ට් එකසිය ගාණම කියෙව්වා. මට අහම්ඹෙන් වගේ හමුඋන හිස් අහස නිසා සිංහලෙන් ලියන්න ආශා හිතුණා.


ඒත් ඉතින් මම සිංහල දන්න තරම මට වැඩිය කව්රු දැන ගන්නද ... ඒ කියන්නේ මට සිංහල බෑ කියන එක තමයි. කොහොම හරි සිංහලෙන් යතුරු ලියනය කරන්න ලේසි ක්‍රමයක් හොයාගත්තා ගූගල් ට පිං සිද්දවෙන්න, ඒ බ්ලොග් වලට කමෙන්ට් දාන්න. ඔය අතර කාලේදී හිස් අහසේ සඳරු, ගැමියාගේ පත් ඉරුව ලියන කොල්ලා වගේ අයත් මුණ ගැහුණා.


සඳරුවා කතා කරපු වෙලාවක මට කිව්වා ... "උඹත් බ්ලොග් එකක් ලියපන්කො" කියලා. ඒ කතාවට වගේම ලස්සන පොස්ට් දාලා සිංහලෙන් ලියන්න මාව පෙළඹවීම ගැන සඳරු මලයාට ස්තුතියි. ඒත් මම වගේ යන්තම් සිංහල ව්‍යාකරණ දන්න එකෙක් බ්ලොග් එකක් ලියලා කියවන අය අපහසුතාවයට පත් කරන්න බැරි නිසා මම ඒ ගැන වැඩිය උනන්දු උණේ නෑ.


ඒත් මේ ඊයේ පෙරේදා දවසක සඳරු අහපු දේකට උත්තරයක්‌ විදිහට තමයි පළවෙනි පොස්ට් එක දැම්මේ.පළවෙනි පොස්ට් එක දැකලා අසරණයා බ්ලොග් එක ලියන සහෝදරයා දිගටම ලියන්න කියලා කමෙන්ට් කරලා තිබ්බා.

දැන් ඉතින් පටන් ගත්ත එකේ ඉඳ හිට හරි පොස්ට් එකක් දමන්නම්. අඩු පාඩු තියෙයි පිරෙන්න ..... බලන අය ඒවාට බැනලා යන්න අමතක කරන්න එපා. එහෙම උණොත් මට ටික ටික හරි බ්ලොග් එකේ වැරදි හදාගන්න පුළුවන් වෙයි.


Monday, February 20, 2012

පෙන් ඩ්‍රයිව් එකක් මගින් වින්ඩෝස් 7 ස්ථාපනය කිරීම

පහත දැක්වෙනුයේ වින්ඩෝස් 7(WINDOWS 7) පෙන් ඩ්‍රයිව් එකක් (PEN DRIVE) මගින් බූට්‌කර (BOOT) ස්ථාපනය කරගැනීමේ ක්‍රමයයි. ඒ සඳහා ඔබට 4GB හෝ ඊට වැඩි පෙන් ඩ්‍රයිව් එකක් සහ වින්ඩෝස් 7 අඩංගු ISO Image එකක් හෝ ඩීවීඩී (DVD) එකක් අවශ්‍ය වෙයි.


1.මුලින්ම ඔබ මේ සඳහා භාවිතා කරන පෙන් ඩ්‍රයිව් එකේ ඇති දත්ත බැක් අප් කරගන්න. ඒ මන්ද යත් මෙහිදී අප ෆෝමැට් (FORMAT) කලාට පසුව ඔබගේ දත්ත සම්පූර්ණයෙන්ම මැකී යනවා පමණක් නොව නැවත රිකවර් (RECOVER) කරගැනීමටත් නොහැකි වන නිසාවෙනි.

2.දැන් ඔබගේ පරිගණකයේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් (Command Prompt) එක ඕපන් කරගන්න.

3.එහි පහත දැක්වෙන විධාන (Commands) පිලිවෙලින් යතුරු ලියනය කරන්න.

4.
DISKPART (DISKPART වෙත පිවිසීම)
LIST DISK (දැනට ඔබගේ පරිගණකයේ ඇති තැටි හා ඒවාට අදාල අංකයන් දිස්වේ. එහි
                    ධාරිතාවය අනුව ඔබේ පෙන් ඩ්‍රයිව් එකට අදාළ ඉලක්කම තෝරාගත හැකි වනු ඇත)
SELECT DISK 2 (ඔබගේ පෙන් එකට අදාල අංකය 2 යැයි උපකල්පනය කරමු)
CLEAN
CREATE PARTITION PRIMARY
SELECT PARTITION 1
ACTIVE
FORMAT FS=NTFS QUICK (මෙහි QUICK යන්න ලබාදීම තුලින් මේ සඳහා වැයවන කාලය                                           ඉතිරි කරගත හැක)                     
ASSIGN
EXIT (DISKPART වලින් ඉවත් වීම)

5. මේ වන විට ඔබ පෙන් ඩ්‍රයිව් එක සකසා ගෙන අවසන්. දැන් ඔබගේ ඩීවීඩී තැටිය හෝ ISO Image එක  මවුන්ට්කර ගන්න.  එවිට ඔබට ලැබෙන ඩ්‍රයිව් එකේ අකුරත් මතක තබාගන්න. උදා: G:

6. මේ වන විට ඔබගේ පෙන් ඩ්‍රයිව් එකට අදාල අකුර F: යැයි උපකල්පනය කරමු.  මෙහි දිස්වන (F/G) අකුර ඔබගේ පරිගණකයේදී වෙනස් අකුරක් විය හැක.

7. දැන් වින්ඩෝස් 7 අඩංගු තැටිය වෙතට මාරුවන්න. කමාන්ඩ් ප්‍රොම්ප්ට් හි (Command Prompt) අදාළ අකුර යතුරු ලියනය කොට;
ඉන් පසු පහත කමාන්ඩ්ස් (Commands) පිලිවෙලින් යතුරු ලියනය කරන්න

G:
cd boot
bootsect /nt60 F: (මෙහි F යනු පෙන් ඩ්‍රයිව් එකට අදාළ අකුරයි)

8. දැන් ඔබගේ ඩීවීඩී හෝ මවුන්ට් කල ISO Image එකෙහි ඇති දත්ත සියල්ල පෙන් ඩ්‍රයිව් එකට කොපිකර ගන්න.

9. දැන් ඔබ සාදාගත් පෙන් ඩ්‍රයිව් එක මගින් පරිගණකයකට වින්ඩෝස් 7 යෙදිය හැක.